
ආදරණීය දුවේ පුතේ,
“නැණසල” තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාණයේ (“NENASALA” ICT Training Centre) පුහුණුව ලබන දූ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධණය කිරීමෙහිලා වෙන්වූවකි.
ආදරණීය දුවේ පුතේ ඔබගේ නිර්මාණාත්මක් අදහස් මෙන්ම අධ්‍යපනික තොරතුරු, විහිලු කතා, ජනකතා, ජන ගායනා, නිසදෙස් යනාදී වශයෙන් ඔබගේ ඕනෑම නිර්මාණයක් මේ හරහා ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයට එකතුකිරීමට පුලුවනි.
ඉතින්, මුළු විශ්වයම තාක්ෂණයේ අග්‍රගන්‍ය ප්‍රථිලාභ භුක්තිවිදීමට සැරසෙන මොහොතක සදාචාරයෙන්, සංස්කෘතියෙන් හා සභ්‍යත්වයෙන් පිරිපුන් විශ්ව ගම්මානයක් බිහිකිරීමට ඔබටයි මේ ඇරයුම.....
...................................
සහාය සදහා
Google talk : sampath333
Skype : sampath3331
...................................
Sampath M.T.E.A,
Director,
Nenasala ICT Training Centre,
"Kandiyapitawewa" & "Thanamalvila" branch,
www.nenasala.org
info@nenasala.org
0722-508 608
....................................
8 comments:
try and try one day you can fly if i bird i fly in mine world.but i fly not any other world.why i have mine world.
name % s.m.ruvinda sampath
age % 16
school% mo/kotaweheramankada m.v
qualification % member of nanasala
* සිරිත් මල්දම කවි*
මිහිපිට ජිවත් වන සියළු මිනිසුන්ගේ පරමාර්ථය නම් සුන්දර ජිවිතයක් ගත කිරීමයි.ඒ සදහා සිරිත් විරිත් දැන ගැනීම අවශ්‍ය වේ.සිරිත් මල්දම යන කෘතියෙ සදහන් වන්නේ එම සිරිත් විරිත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි කාව්‍ය ශෛලයකින් යුක්ත කවි පන්තියකි. සිරිත් මල්දම් කාව්‍ය කෘතිය අපේ ජීවිතයට මිණි පහණක්ය.
**********************
සිරිත් මල්දමේ එන කවි දෙකක් හා එහි තේරුම සතියකටම වරක් ඔබට මම ඉදිරිපත් කරමි.
**********************************************
ඉදිරිපත් කිරීම:D.M. ධනුෂ්ක නිරෝසන සදරුවන්
වයස: අවු: 17 යි
පාසල:මො/කොටවෙහෙර මංකඩ මහ විද්‍යාලය
්ර්ර්ර්රෙශ්ර්ණිය:11-රෝස
සාමාජිකත්වය: කණ්ඩියපිට වැව නැණසල
E-Mail: danushkanirosana123@gmail.com
Danushkasadaruwan123@yahoo.com
01) මහත් සෙත් වඩමින
සිරිත් මල්දම බලමින
සිරිත් හොද දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින
" මහත් වූ ශාන්තියක් සලසන සිරිත් මල්දම බලමින් දෙලොව මහත් වූ යස ඉසුරු ලබන්න "
02) හොද ලෙස හැදිමට
හොද සිත ඕන හැමවිට
නරක සිත් ඇතිවිට
නරකමයි සිදුවන්නෙ අපහට
" හොද පුද්ගලයෙකු ලෙස හැදෙන්නට හොද සිතක් අත්‍යවශ්‍ය වේ.නරක සිතක් ඇත්තේ නම් සැම විටම සිදුවන්නෙ නරකමය "
***********************************
ඉදිරිපත් කිරීම:D.M. ධනුෂ්ක නිරෝසන සදරුවන්
E-Mail: danushkanirosana123@gmail.com
Danushkasadaruwan123@yahoo.com
ගීත රචනා කළ යුත්තේ ඇයි ?
කියන ප්‍රශ්නයට මට හොඳ උත්තර සොයා දුන්නේ
ප්‍රශ්නයට මට උත්තර සොයා දුන්නේ
ඔහුය ……..
ස්වභාවිකත්වය අභිබවා තාත්විකත්වය පරදා
විශ්වාසනීයත්වයෙන් යුත්
ගී පදවැලක් ගෙනෙන්නට පාඩම් කියාදුන්
ඔහුගේ ගීත රචනාවන්ය.
—පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්~
සාහිත්‍යය මූලිකත්වය බිඳ නොහෙලා අතාත්විකත්වයෙන්
උපමා උපමේය ගෙන ආ මිනිසා,
මරණ තුනක් ඇති මිනිසා~
ලුෂන් බුලත්සිංහල කලාකරුවාට
පුදමි මේ ගී වැල් ……..
ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com
ඇත්ත. ගතවූ කෙටි වර්තමාන - ඉතිහාසය තුළ අපට “පෙර” පරපුරෙන් සහ දේශපාලන න්‍යාය පත්‍ර කරපින්නා ගත් පරපුරෙන් අප අම්බානකට බැනුම් අහපු බව ඇත්ත. අලූත් පරපුරේ ගීත රචකයින් සහ ගායක ගායිකාවන්, නව පරපුරේ සංගීත අධ්‍යක්ෂකවරුන්, නවකතා කෙටිකතා කරුවන්, පෞද්ගලික රූපවාහිනී සහ එෆ්.එම්. නාලිකා, ඒවාට සම්බන්ධ වූවන් සහ එකී ප්රවාහයේ රසික සහෘද පර්ෂදයන්, මේ බැනුම් ඇසූ ගොඩට අයත්ය.
සිහි බුද්ධියෙන් කෙලින් හිටගෙන මේ “බනින්නන්” දෙස විමසිලිමත්ව බැලූවහොත් ඒ ඇණුම් බැනුම්, තෙපරබෑම් සහ ගතුකීම් වැඩිහරියක් කුහකකම,ඉරිසියාව, (ඡරදෙැිිසදබ්ක ඨැකකදිැැද) අවස්ථාව නො ලැබීම, හීනමානය, ජනප්‍රියකම අඩුවීම, නූතන සමාජය විසින් ගණන් නො ගැනීම, මුදල් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න, අහිමිවීම් ආදී මනෝ ව්‍යාධි තුළ ගිලී ගිය ඒවා බව පැහැදිලි ය. එහෙත් මේ මනෝ ව්‍යාධිය සමාජ ප්රකාශනයක් වන්නේ සිවිල් කටකින් නිසාත්, මුද්‍රිත අත්අකුරු වලින් නිසාත්, මාධ්‍ය හරහා නිසාත්, පොත් දොරට වැඩීම් සහ “සංවාද” නැති කතිකාවත් හරහා නිසාත් ඒවා සමාජගත වන විට දිගුකාලීන මනෝ ව්‍යාධිය තාවකාලික බලයක් වී සමාජගත වේ.
නිදසුන් :-
1. ගිය අවුරුද්දේ සිරස සුපර් ස්ටාර් නරක ය. මේ අවුරුද්දේ හොඳ ය. ආරාධිත විනිශ්චයන්ට, නවකයන්ට මග පෙන්වීමට, අවවාද අනුශාසනා දීමට, අලූත් ගීතයක තනුවක් දමාගැනීමට, අවස්ථාවක් ලැඛෙන විට සිරසේ සුපර් ස්ටාර් හොඳය. සිරස ීඵී නරකය. ඒවා පිළිකුල් කළ යුතු ඵය. ෂඔභ ීඵී හොඳය. ඒවා ලස්සන ීඵී ය. සිරසේ සංස්කෘතිය නරකය. එහෙත් සිරස සංගීත සම්මාන උළෙලේ සම්මානය හොඳය. අවස්ථාවක් නො ලැඛෙන විට සිරස නරකය. මියැසි තටාකයේ සිංදු කියන්නට අවස්ථාවක් දුන් විට සිරස හොඳය.
2. ජනාධිපතිවරණ රැස්වීම් වලදී මහින්ද රාජපක්ෂ වීරයා ය. ඒ කතිකයන්ට දැන් මහින්ද දුෂ්ටයාය. පත්තරකාර ඩලස් හොඳය. මහින්ද ළඟ ඉන්න ඇමති ඩලස් නරකය. ඡන්දයේදී මංගලට මහින්ද වීරයාය. රනිල් වහ කදුරුය. අහිමි වූ විට මහින්ද වහ කදුරුය. රනිල් දියමන්තිය. සෝමාරාම හාමුදුරුවන්ට තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘතියට කඩේ යනවිට අගමැති නොවූ බණ්ඩාරනායක වීරයාය. ඒ හිමිකම බලාපොරොත්තුවෙන් ය. ඔහු අගමැති කළ යුතුය. තමන්ගේ පෞද්ගලික ධනෝපායන ව්‍යාපාරයට මග හරස් කරන විට ඇමති බණ්ඩාරනායක ද්‍රෝහියාය. ඔහු ඝාතනය කළ යුතුය. යාපන හිරගෙදර දී විජේවීර බේරාගන්නා විට නන්දන මාරසිංහ වීරයාය. 88දී අනුරාධපුර පොළේදී ඒ නන්දන මරා දැමෙන්නේ ද්‍රෝහියා කොටය. සිය දහස් ගණනක් මරා දැමූ කරුණා අම්මාන් දකුණේ දුෂ්ටයාය. ප්රභාකරන්ට එරෙහි කරුණා අම්මාන් අද දකුණේ “දේශපාලනයට” වීරයාය.
3. “පාර්ලිමන්ට් ජොක්ස්” කළ රන්ජන් රාමනායක පරාක්‍රම කොඩිතුවක්කුට වීරයාය. සීදුවෙන් ඡන්දය ඉල්ලා ජොක් පාර්ලිමේන්තුවට යන්න හදන රන්ජන් කොඩිතුවක්කුගේ දුෂ්ටයාය.
පවන ප්‍රසංගයේ ගීත ලියූ සුනිල් ආරියරත්න ජේ.වී.පී. සහ හෙළ උරුම මතවාදයේ වීරයාය. “තුන්හෙලේ කැළෑ තුළ සිංහ පැටවු” වීරයාගේ ගීතය ය. මහාචාර්ය සුනිලූන්ගේ දෙමළ බෞද්ධයා හෙළ උරුමයට වඩා කදුරුය. කඩේ යන්නේ නම් හොඳය. නැත්නම් නරකය. බෞද්ධ පොත් විකුණන දයාවංශ ජයකොඩිට නවපරපුරේ නවකතාකරුවෝ බොළඳය. පෙන්නන්ට බැරිය. සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් ඔහු ඛෙදාහරින විට ඒවා විකිණෙන විට සුජීව විශිෂ්ටය. සුජීව හොඳ එකාය. තමන්ගේ පෞද්ගලික මුට්ටියට වාසි කාසි පිරෙන විට අජිත් ගලප්පත්තිට “උත්පලවණ්ණා” හොඳය. සුමති ෆිල්ම්ස් සල්ලි “සුදුසල්ලිය”. අජිත්ගේ මුට්ටියේ ගැට්ට පෙන්නූ නිසා විමුක්ති ජයසුන්දරගේ “සුළඟ එනු පිණිස” නරකය. සංහිඳ ෆිල්ම්ස් සල්ලි “කළුසල්ලිය”. ඉනෝකාගේ වචන වලින් අජිත්ගේ පිරිමි රෙදි ගැලවෙන විට “සුළං කිරිල්ලී” නරකය. ලොන්ඩරියේ රෙදි අපුල්ලන්න ගිය විට “සක්මන් මළුව” හොඳය. අගලකඩ සිරිසුමන හාමුදුරුවන්ට සිංහල බෞද්ධයා නං හොඳය. අබෞද්ධයා නරකය. දෙමළ බෞද්ධ කියා එකක් ඒ හාමුදුරුවන්ගේ බුද්ධාගමේ නැත.
අත්තනායක එම්. හේරත්ට “දොරමඩලාවේදී” අලූත් පරපුරේ සිංදු නරකය. ඒ සිංදු තියන දුකාගේ පොතේ පෙරවදන ලියන්නට අත්තනායක එම්. හේරත්ට දුන් විට ඒ ගීත විශිෂ්ටය. අත්තනායක එම්. හේරත් හොල්මන්ය. අන්දමන්දය.
අප ජීවත් වන්නේ මෙසේ කුලක, ග්රෝත්ර, ආගම්, හට්ටි මුට්ටි ඇල්ලීම්, කඩේ යාම්, ගුරුගොල සම්බන්ධතා, අල්ලස්, පෞද්ගලික න්‍යාය පත්‍ර සහ සියලූ ආකාරයේ “දීම්” සහිත සමාජයකය. පිරුණු දුක හිතෙන රටකය. මේ තත්ත්වය නූතන යථාර්ථය හෙවත් භෞතිකය තුළ දේශපාලනිකය. සාහිත්‍යයේ ගතිකය දේශපාලනික නිර්මිතයක් ලෙස අපි විශ්වාස කරමු. අප ලියන්නේද, කියන්නේද, වාද විවාද කරන්නේද, ඇත්තක් නැති ඇත්ත යනුවෙන් දෙයක්් හඳුනන්නේ නැති, මතයක් නැති, කොන්දක් නැති, ඇසක් නැති, හෙටක් නැති, බොරුව පමණක් ම ඇති විලෝපිත අරාජික රටකය.
මේ ගන්දස්සාර දේශපාලන සාහිත්‍යයේ න්‍යාය පත්‍රයේදී කලෙකදී වීරයින් කලකදී දුෂ්ටයින් වන්නාසේ ම, කලෙකදී දුෂ්ටයින් කලෙකදී වීරයා කොට ඔසවා තැබීමේ කෘතිම කොළඹ කේන්ද්‍රීය මතවාදයට රටම නතු වී අවසන් ය. මෙය කෘතිම මාධ්‍යය හාස්කමක් මිස ස්වාභාවික ගතිකයක් නම් නො වේ. දේශපාලනයේදී මෙන් ම අපේ රටේ සාහිතය කලා මතවාදයටද සÞකාලික වීරයන් නැත. එහෙම රටක “දුකා” ගේ පොතේ සටහනක් තබන මට “දුකා” දුෂ්ටයෙක්ද නො වේ. වීරයෙක්ද නො වේ. මගේ ඇසට “දුකා”ගේ ගීතවල මට දැනෙන හොඳ දෑ හොඳය. සංවේදීව නො දැනෙන නරක දේ නරක මය. ඉන් ඔබ්බට “දුකා” සමඟ න්‍යාය පත්‍රයක් මට නැත.
මේ කියවීම සංකීර්ණ දේශපාලනික හැදෑරීමකට යන්නට නම් කොළඹ අග නගරය (ඵැඑරදචදකසඒබ) නිර්මාණය කරන ලද ලාංකීය දේශපාලනයේ “කල්පිත නිර්මිතය” ඉවත් කළ යුතු ය.
“මේ අවජාතක ගීත සාහිත්‍ය වත්මන් පරපුරේ රසඥතාව මෙන් ම බුද්ධි මහිමයද පෙන්වන කැඩපතක් වැන්න.”
ගුණදාස අමරසේකර ගම පිරිසිදුය පෙරදිග පාරිශුද්ධය යන පරිකල්පන මිත්‍යාවේ ගිලී සිටින ගුණදාස අමරසේකරට අලූත් පරපුරේ නාඩි වැටෙන අයුරු දැනෙන්නේ හැෙඟන්නේ නැත. අමරසේකර සහ පසුගාමී ප්‍රකාශකයන්ට ද ගම අප තුළ අධිනිශ්චය වන්නේ නගරය නිර්මාණය වීමෙන් පසුව බව වැටහෙන්නේ නැත. අප හිතන්නේ ලංකාවේ නගරය යනුවෙන් යමක් නැති බවය. අපේ වැටහීම නගරය තුළ වැඩකරන්නේ ගමේ ඔළු බවය.
මේ නිසා නාගරිකයැයි කියන කොළඹ කේන්ද්‍රීය කෘති‍්‍රම මාධ්‍යය ආධිපත්‍යයට - ගාමිණී සුමනසේකරගේ සිට සිත්තර පත්තරයේ කතෘ දක්වා මිනිසුන්ට නාගරික ඔළුවක් නැත. ඔවුන් සියලූ දෙනා ම සිදු කරන්නේ දෙහිඅත්තකණ්ඩියේ මඤ්ඤොක්කා-කොළඹදී ලැමිනේට් කොට කහටගස්දිගිලියට විකිණීම ය. මේ නිසා කොළඹ කේන්ද්‍රීය ඔළුව යනු සිංහල ජාතික ඔළුවය. එතන දෙමළ නැත. සිංහල බෞද්ධ ඔළුවේ ඉන්දියන් බෞද්ධයා නැත. දෘෂ්ටිය ග්‍රාමීය දෘෂ්ටියම වන හෙයින් පැරීසියට ගියත් සොයන්නේ කැකුළු බත්ය. මඤ්ඤොක්කාය.
ගමෙන් ඓන්ද්‍රීයව - පෙකලවැල කැඩී වෙන්වන - විචාරයක්, කලාවක්, මතවාදයක් අද නැත. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ෙජ්. ආර්, ප්‍රේමදාස, වි.ජ.මු, නිමල් සිරිපාල දක්වාම කොළඹ කේන්ද්‍රීය දේශපාලනය තවමත් අඳින්නේ සරමය. දේශපාලකයෝ මෙන්ම පෙකනිවැල කැඩී වෙන් නො වුණු සාහිත්‍ය විචාරකයන්ද ගමේ චණ්ඩින්ට වඩා වැඩි වෙනසක් නැත.
කොළඹට සංක්‍රමණය වූ ගැමියෝ දේශපාලනය කරති. කවි ලියති. ගීත ලියති. පත පොත ලියති. සංවාද කරති. ගම පිළිබඳව “මතක වේදනා” අතීත කාමය ලෙස මත පලකරති. ඒවා වමාරති. ගම් සභාවක් මෙන් රට පාලනය කරති. මේ තත්වයේ හාස්‍යය තේරුම් ගැනීමට ටී. ජී. ඩබ්. සිල්වාගේ “නම්බු පිස්සුව” කොටිකතාව කියවන මෙන් ආරාධනා කරමි. ලංකාවේ
දේශපාලකයන් සහ විචාරකයන් රට රාජ්‍යය වල ගොස් නැවත් පැමිලයත් රට කිරීමේදී, කලාව කිරීම්දී, මත පළ කිරීමේදී, මෝඩ ගැමියෙකුට වඩා වෙනසක් පල කරන්නේ නැත.
“මිස්ටර්ගෙ තාත්තගෙ අදහස එංගලන්තයට ගිහිල්ල ආව කියන එක හරියට අගනිටා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඒමක් වගෙ වැඩක් කියලා. තාත්තලා තාම පරණ ඉස්කෝලෙ උදවිය නොවැ මිස්ටර්…. අද ඉන්න මහජනයා සලකන්නෙ තමුසෙගෙ ඇතුළත තිඛෙන කිසියම් උතුම් ගුණධර්මයකට….”
(නම්බු පිස්සුව - ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා)
මේ දේශපාලන කියවීම සංකීර්ණ සාහිත්‍ය කලා හැදෑරීමක විචාරක ප්රවේශයකට යන්නට නම් නූතන සාහිත්‍යයේ ගීතය ඇතුළු සියලූ කලා භාවිතාවන්හි සාහිත්‍ය ශරීරයට ගැලපෙන ඔළුවක් සොයාගත යුතුව තිබේ. ජනප්‍රවාදය, ඕපාදූපය සහ කඩේයාම වෙනුවට නිශේධනීය සාම්ප්‍රÞයික මිත්‍යාවෙන් ඓන්ද්‍රීයව වෙන්කළ යුතුව තිබේ. මේ මොහොතේ කලාව ලෙස ගත යුත්තේ ප්‍රවාදය ඉවත් කළ විට ඉතිරිවන ශේෂයයි.
කලාව පෙරටු කොට විචාරය කළ යුතු ක්‍රමවේදයකට වහා නැවතත් මාරු විය යුතුව තිබේ. ශේෂය කලාව වන අපට එය ප්‍රාථමික ක්‍රියාවලිය පමණක් නො ව විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ පරිකල්පනීය ක්‍රියාව බව මතකයේ තබා විචාරය ද්විතියික ක්‍රියාවලිය ලෙස වරනැගිය යුතුව තිබේ. සියලූ විචාරකයන් කලාවට පසුපසින් ගමන් කළ යුතුය. නීතිය, දේශපාලන න්‍යාය පත්‍ර, කලාවට ඉදිරියෙන් සිටගෙන මේ මොහොතේ අණපනත් පනවමින් සිටිනු පෙනේ.
මේ දේශපාලන ආරක්ෂක වැටට ඔබ්ඛෙන් අප සිතන කලාව ඇතැයි අප විශ්වාස කරමු. දුක හිතෙන කතාව නම් මේ මොහොතේ “දුකා”ගේ පොතටම මෙය ලියන්නට සිදු වීමයි.
ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com
නවවෙනි නපුරු සිහිනය
ආරංචිය දැන ගත්ත ගමන් මට මොකුත් හිතුනෙ නෑ. පුංචි වේදනාවකින් හිත පුපුරු ගැහුවා විතරයි. පුංචි කාලෙ අප්පච්චි පොල් කූරු දෙකකේ එකට තියල පුක පැත්තට දෙකකේ තැලූව වගෙ.
මං පාර දිගේ ඇවිදගෙන ආව. මීට අවුරුදු හතරකට ඉස්සරවෙලා නැවුම් සුවඳක් දැණුනු “ලෙක්චර්” හෝල් වලින් සියුම් දුගඳක් හමුවා. ඒ පිළුනු ගඳ මගෙන් අඩියෙන් අඩිය ඈත් වෙවී හංදියෙන් බස් එකකට ගොඩ වුණත් යන්නෙ කොහදෙ කියල මට හිතා ගන්න අමාරුයි. රුපියලේ කාසි දකෙ ” ටිකිස් ටිකිස් ” ගාල ගාවන ගමන් මං හිතුව කොහදෙ යන්නෙ කියල. කොන්දොස්තර දැන් අහයි කොහදෙ යන්නෙ කියල. එතකොට මොකද කියන්නෙ. මොනව කියන්නද ඉතිං මං සාමාන්‍යයෙන් කොහේ ගියත් දෙන්නෙ රුපියල් දකෙනෙ.ඒක දීල කරබාගෙන ඉන්නවා. දැන් බස් එක ඉස්සරහට ඇදෙනව මං හිරකරගෙන හිටිය හිත බුරුල් කළා. ඔන්න දැං මට හිතෙනවා.
“මං අවසාන අවුරුද්දෙ විභාගෙ ෆේල්. ”
එච්චරයි තේරෙන දේකට කියල මට හිතුනෙ. ආ ආයෙ මට අඬන්න හිතුනා.ඒත් ඉකිගසන්න මට බයයි. බස් එක ඇතුළෙ සෙනග නොහිටිය නං කියලත් හිතුනා. මං ඇඬුවෙ නැතුවට
මටත් එක්කම අඬනවා කොන්දොස්තර ටිකට් නොගත්ත අයගෙන් සල්ලි ඉල්ල ඉල්ල.
දැං ඉතිං අඬන්න දෙයක් මට ඉතුරු වෙලා නැහැ. මං මහ පව් කාරයකේ. එහෙම නැත්නං මූසලයකේ. නැත්නං කාලකණ්ලයකේ. අඩු තරමින් මුස්පේන්තුවෙක්. මේ සේරම නම් එකතු වුණත් බරපතල නෑ මේ වෙලාවෙ. පුදුම වැඩේ කියන්නෙ විභාගෙට ඉඳගත්ත දවසෙ ඉඳලම මම දන්නව විභාගෙ ෆේල් කියල. ඒත් අද වෙනකං මෙහෙම දුකක් වේදනාවක් ඇතිවුණේ නැහැ.
විභාග දෙපාර්තමේන්තුවත් එක්ක වඩා මට කේන්ති ගියේ තැපැල් දෙපාර්තමේන්තුවතුවත් එක්ක. මේ වෙනකොටත් මගේ ප්‍රතිඵල ලේඛනය ගදෙරට තැපැල් කරල ඇති. අනේ දෙයියනේ අම්මා ඒක බලල ඉකි ගගහ අඬයි. අප්පච්චි කේන්තියෙන් පුපුරයි. ඒකට නං කමක් නෑ. මං කැමතියි අප්පච්චිට කේන්ති ගිහිං වෙව්ලනවට. ඒත් අම්ම පැය ගානක් අඬයි. මගෙ විශ්ව විද්‍යාල ජීවිතේට වියදං කරපු වියදං ලයිස්තුව අරගෙන ආයෙමත් කියවයි. පපුවෙ අමාරුව වැඩිවෙයි. බ්ලඩ් ප්‍රෙෂර් නගියි. මං ගැන දුක් වෙන්න ගිහිං අප්පච්චිගෙන් බැණුම් අහයි. සමහර විට පාරක් දෙපාරක් ගුටිකයි. අක්කට කන්තෝරු ගිහිල්ලා යාළුවොත් එක්ක පම්පෝරි ගහන්න දෙයක් නැති වෙයි. ඔෆීස් ගිහිං බුම්මගෙන ඉන්න වෙයි. ඊට හපන් මගෙත් එක්ක කැම්පස් එන්න තේරිලත් හමුදාවට බැඳුන උන් මට පුක පැත්තෙන් හිනා වෙයි. කකුලක් නැති වුණත් උන්ට ස්ථීර රස්සාවක් තියෙනවනෙ කියල. (කකුලක් දුන්නත් මොකද රස්සාවක් දෙනවනං)
ඒ ඔක්කෝමත් හරි. භද්‍රා මොනව කියයිද ? ඒකිත් එහාට මෙහාට වැනි වැනී උන්නෙ. දැං ඉතිං ප්‍රභාත් කාරයට ඒකි කැමති වෙයි උඩින්ම. ඌට පන්ති සමාර්ථයකුත් තියෙනවනෙ. මේක නං මහ කරුමයක්.
විභාග කියන ජාතිය මට එපා වුණේ පහේ ශිෂ්යත්තේදෙමයි.ඒකෙදි මට වඩා මහන්සි උනේ අම්මයි, අප්පච්චියි. ඒ වුණාට පාස් වුණේ මං ලියපු උත්තර වලින්. ඒ කාලෙ උදෙත් පන්ති හවසත් පන්ති. ඒක මහ කුණුහරුපයක්.
විභාගෙ පාස් වෙච්ච උං නං දැං ගෙවල් වලට වෙලා ඇති. උංට මං ගැන මතක් නොවෙනවනං හොඳයි. “අනේ අරූ විභාගෙ ෆේල් නෙ” කියල පශ්චත්තාප වෙනව නං ඒතරං කණගාටුවක් මට නැහැ. සමහරු නං බනිනවත් ඇති. “ඕක නටන කොට අපිට හිතුන” කියල කියනව ඇති. උන්ගෙ උන්ඩුක පුච්චෙ පුපුරන්න දකෙක් දෙන්න ඇත්නං කියල මට හිතෙනවා.
විභාගයකට මෙච්චරම ජීවිතේ දේවල් වෙනස් කරන්න පුළුවං නං විභාගෙ කොච්චර බලවත් දෙයක් වෙන්න ඕනද ?
“මගේ අසමත් වීමට බලවත් විරෝධය”ඒ වගේ පෝස්ටරයක්වත් ගහගන්න අද කවුරුත් නෑනෙ. මගේ අතින්ම ඒවගේ පෝස්ටර කොච්චර ඇඳල ඇත්ද? අනේ මචංලා මං ෆේල් බං. මට කෑගහන්න හිතුනා.ඒත් බස් එක ඇතුළෙ ඉන්න හිංදා මේ මුකුත් කරන්න බැහැනෙ.
“නුගේගොඩ”
බැස්සද බැස්සුවද කියල හිතා ගන්න බැරි මධ්‍යස්ථ ස්ථාවරයක මං හිටියෙ.
—BAR
උණුහුමට ගුලි වුණු කූඹි රංචුව ළඟට මාත් තුරුළු වුණා. ගල් භාගයයි. සෝඩා එකයි. මුණ ගැහුනෙ කාලෙකින්. මීට කලකට උඩදි මම අරක්කු බීම නැවැත්තුවෙ භද්‍රාට තියෙන ආදරේටවත්, ප්‍රතිපත්තියක් හැටියටවත් නෙවේ. අතේ පිච්චියක් නැති නිසා.
—ගුඩුස් — ගුඩුස්
වහ බොනව කියල හිතල වාසිටියෙ දොරෙන් එළියට ආවට දැං මං බොන්නෙ අරක්කු. මං මහා ප්‍රතිපත්තියක් නැති මිනිහකේ කියල මට හිතුනා. ඕක මොකක්ද මං භද්‍රාට ආදරේ කරන ගමන් ඉන්ද්‍රානිටත් ප්‍රේම කලේ. ඉන්ද්‍රානිත් එක්ක බයිස් කෝප් එකක් බලපු දවසෙම රෑ භද්‍රා එක්ක පාටි එකකට ගියේ.
“දෙපිට කාට්ටු මං”
මට පේනවා බාර් එකේ එහා කෙළවරේ මගේ “බැචා”ල රොත්තක් අරක්කු බෝතලයක් වට කරගෙන ඉන්නවා. උන් සිංදුත් කියනවා. එකත් එකටම ඒ විභාගෙ පාස් වෙච්ච එවුන්. මං විභාගෙ ෆේල්.ඒ වුණාට දෙගොල්ලොම බොන්නෙ අරක්කු. හරි පුදුමයි. අරක්කු වලට තියෙන තත්වයක හැටි. හරියට විභාගෙ වගේමයි.
ගල් භාගෙ ටිකෙන් ටික අඩු වෙනවා.ඒකට උදව් වෙනවා සෝඩ බොතලෙත්. මේ අරක්කු ටික බීල ඉවර වුණාම වත් මට දිවි නසාගන්න ආත්ම ශක්තියක් ඇති වුණොත් හොඳයි. නැත්නං මට ආයෙත් සැරයක් විභාගෙට ඉඳගන්න වෙනවා. විභාගෙ ගැන මතක් වෙන කොටත් මට අප්පිරියයි. ඒ හින්දා මේ වෙලාවෙ ඕවා නොහිත ඉන්න ඕන. අරක්කු බොන නිසා වමනෙ යන ප්‍රවණතාවයත් වැඩියිනෙ.
තව ඩ්රෑම් එකක් ගන්න හිතේ ඉඩ තිබ්බත් සාක්කුව බෑ කිව්ව. වහ කුප්පියක් අරගන්නවත් සල්ලි එපෑයැ. මැරෙන එක උනත් ණයට කරන එක හරි නෑ. හැබෑවට ලාභදායි දිවිනසා ගන්නා ක්‍රමය මොකක්ද ? එල්ලිලා මැරෙන්න නං කඹයක් විතරයි ගන්න ඕන. ඒත් එල්ලෙන්න වහලයක් කොයින්ද ? බෝඩිං කාමරේට යන්නත් බෑ මාස තුනක කුලී නැතුව. ම්…. හරි කෝච්චියට පනිනවා. අපෝ ඒකත් මහ පණයන වැඩක්. හූ කියා ගෙන එන කෝච්චියකට පනින එක භයානකයි.ඒත් ඉතිං කෝච්චියට පනින එකෙයි විභාගෙට වාඩි වෙන එකෙයි ලොකු වෙනසක් නැහැ. කෝච්චියට පැන්නම මැරෙනවා. විභාගෙට වාඩි වූණාම ෆේල් වෙනවා.
දැං මං එළියට යා යුතුයි. ඒත් දැම්ම ගියොත් සහයෝගයට වේටර්ලා දෙන්නකේ වත් අවශ්‍ය වෙන නිසා තව මොහොතක් ඉන්න තීරණය කළා. ඔළුව මේසෙ උඩ පරිස්සමට තියාගෙන මං කල්පනා කළා මොකද කරන්නෙ කියලා.
කොයිකටත් ඉස්සර වෙලා අන්තිම කැමති පත්‍රය ලියන්න ඕන. ඒත් ඉතිං මට කියල කැමැත්තෙන් දෙන්න කිසිම දෙයක් මේ ලෝකෙ නැහැනෙ. අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්නවත් ලියන්න ඕන කියල හිත කීවා.
හිතේ තියෙන ඉල්ලීම් ටික සේරෝම කුරුටු ගාගෙන ගියා. හිතත් හරියට මහ ජනතාව වගේමයි. ඉල්ලීම්වල කෙළවරක් නෑ. ටිකකින් වෙරිය හිඳුනට පස්සෙ කොළෙත් අතට අරං නැගිට්ටා. මැරෙන්න ඔන්න මෙන්න කියල තියදේදි හරි මොනව හරි හිතුනොත් ලියාගන්න පුළුවන්නෙ. ඉතිං දිවි නසා ගන්න තියෙන පහසුම භයානකම ක්‍රමය අත්හදා බලන්න ඕන කියල තීරණය කළා.
කෝච්චි පාර දිගේ සිල්පර කොටං ගැන ගැන ඇවිදින මට සිහිවුණේ භද්‍රා. අපි දෙන්න මේ රේල් පාරවල් දිගේ අත් අල්ලගෙන කොච්චර ඇවිදල ඇත්ද. සමහර දවස් වලට කෝච්චියට ටිකට් අරං අපි රේල් පාර දිගේ පයිං යනවා. දුම්රිය සේවයෙ තියෙන අකාර්යකෂමතාවය හන්ද නෙවෙයි. අපේ ප්‍රේමය ඒ දවස් වල ඒ තරම්ම කාර්යකෂම හින්ද.
මට මොකක්දෝ සද්දයක් ඇහෙනවා. ඔන්න කෝච්චිය එනවා. දෙයියෝ සාක්කි මං තවම මරණයට ලෑස්ති වෙලාවත් නෑ. මාව මරන්න කෝච්චිය එනවා.ඒත් ඕක මොකක්ද ? මං විභාගයට වාඩිවුණෙත් ලෑස්ති වෙලායැ. මූණ දෙනවා එන විදියකට. අන්න අර වංගුවෙන් කෝච්චිය මතුවුණා. බය වැඩිකමට අත වෙව්ලනවා. ඒ තියදේදිම කොළේ අරං අන්තිම වචන ටිකත් කුරුටු ගෑව.
යාළුවනේ මාව බලන්න මෝචරියට වරෙල්ලා. මගේ මළගදෙර ඉතා චාම්වට කරපල්ලා. උඹලට රෑට නිදි මරන්නත් දැං අමාරු නිසා බැනර්, කොඩිවැල් උවමනා නෑ.
මම කෝච්චි හඬක් ඇහෙයි කියල කං දීගෙන රේල් පාර දිගේ ඇදෙනව. ඉස්ටේසම ළඟටම ආව. කෝච්චිය පරක්කුයි. අවසාන වශයෙන් මම කුරුටු ගෑව.
“මිත්‍ර වරුණි මළ ගදෙර ආවට විභාග ගැන කතා කිරීමෙන් වළකින්න”
මුළු ඉස්ටේසමම හිස් කවුරුත් නෑ ලොකු බෝඩ් ලෑල්ලක් විතරක් එල්ලලා තියනවා.
“සේවක වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනය නොවේ ”
ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com
මිහිමඩලේ ගීතය
රතු ඉන්දියානුවන් ඹවුන්ගේ නිජ බිම් වලින් අවි බලයෙන් පලවා හැර ඹවුන්ගේ මව් බිම යටත් කර ගැනීමට වෑයම් කල ඇමරිකානු රජය වෙනුවෙන් රතු
ඉංදයානු නායක සියැටල් විසින් වර්ෂ 1854 දී කල
අමරණීය කථාවේ අනුවාදනයකි මේ.
*********************************
වොෂින්ටන් නගරයේ සිටින නායකයානන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමති බව ප්‍රකාශ කරමින් අප වෙත හසුන් පත් එවා ඇත.මිත්‍රත්වයේ දෑතද දිගු කරන මොහු අපගේ පූජනීය වූ භූමිය උදුරාගන්නට තැත් කරන්නේ මංදැයි මට නොතේරේ.
මේ මිහිතලයේ සෑම බිම් අගලක්ම තනි වූ මාගේ පරපුරට පූජනීය වස්තුවකි.දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම,වැලිතලා වලින් පිරී ගිය සෑම වෙරලක්ම,අදුරු වනාන්තරවල තිබෙන සෑම මහිදුම් වලාවක්ම, සිහින් හඩින් ගී ගයන සෑම කුඩා ප්රානියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ අත්දැකීම් සමුදායේ පූජනීය වූ වස්තූන්ම වන්නෝය.
සමනල කදු තරනය
මහා වැලිත,කැලනි,කළු,වලවේ යන ගංගා සමනල කදු මුදුනේ සිට පැන නැග්ග දෙස් විදේස් සංචරකයන්ගේ ගෞරවබහ්ර මානයට පාත්රු වු පුන්යන භූමියක් වන සමනල කන්ද නරබන්නෙකුගේ නෙත් සිත් පිනා යන මනස් කන්ත දර්ශන මවාපාන ස්තානයකි.
ලොව ප්රසකට සමනල කදු රැජින පිහිට ඇත්තේ සබරගමු පලාතේ රත්නපුරයේය මධ්යනම කදුකරයේ සිට මීටර 2238ක් උසය. ස්වභාවය සෞදර්යයෙන් පරිපුර්ණ සමනල කන්ද නැගීමේදි වන්ගු ප්රිදේස මග ගෙවීම අපහසුය ගමන් විඩාවත් අධිකය .එහේත් අවට පරිසරයේ කදු මුදුනේ ඉහල කොටස මීදුමෙන් වැසීම යන අලංකාර කරනු නිසා සමනල කන්ද ප්රදසිද්ධ වී ඇත.
ජාති බේදයෙන් තොරව සියළුම වැසියන් සමනල කන්ද වන්දනා කරන්නේ එයට ඇති
ගෞරවය නිසාය බෞද්ධ ජනය සිතන්නේඑහි පිහිටුව ඇත්තේ තිලොගුර අමාමැනි බුදුරජානන්ගේ සිරිපතුල බවයි.හින්දු ජනයාගේ මතය ශිව දෙවුදුගේ පා සලකුණ බවයි. එමකරුනු හේතු කොටගන සැම ජනකොටසක්ම මෙය වන්දනා මානකරති.
සීත ගගුල,ඉදි කටු පාන,අදහස් ගව්ව වැනි ස්ථන නැරබීමටද හැකිය හොදින්
නා පිරිසිදු වී මිනිසුන් සමනල කදු තරනය කරනු ඇත.සන්ද්යස බගයේ ගොස් පසුද හිමිදිරි උදෑසන ඉර සේවය නරබා එම යන සියළු දෙනාගේ බලාපොරොත්තුවකි. උදුවන් පොය ලබා වෙසක් පොය වෙන තුරු සමනල කදු වන්දනා කරයි. සමනල කදු බාරව ඇත්තේ සුමන සමන් දෙවියන්ටයි.
ශ්‍රි වැනි කුඩා රටක සෞබාභ්ය ය රැදී ඇත්තේද සමනල කදු වටය මහා වැලිත,කැලනි,
කළු,වලවේ යන ගංගා අරම්භ වී රටේ කේත් වතුද සාරවත් කරනු ලබයි.
සමනල කන්ද තරනයට මාර්ග දෙකකි. රත්නපුර හා හැටන් හරහාය. රත්නපුරයේ සිට බස් රථයෙන්ද
හැටන් සිට දුම්රියෙන්ද යා හැක.
සමනල කන්දේ පඩිපෙලේ දෙපස ඇති විදුලි පහන් ආලොකයෙන් කම්බි වැටෙන් අල්ලාගෙන තම කන්ඩායම සමග එක්ව ආගමටභක්තියක් ඇතිවන අයුරින් ගීත ගයනා කරමින් වන්දනාවේ යෙදෙයි. ස්වෙච්චාවෙන් ඉදිරිපත් වු ආයතන වලින් වැනි දායකයන් බැතිමතුන්ට සිසිල් පැන් ප්‍ර ථමාධර වනි දෑසපයයි. රාත්රීා නවාතැන් ගැනීමට විශ්රාරම ශාලා පිහිටුවා ඇත.
සමනල කන්ද වන්දනා කරද්දී අවට වෙළද සැල් පිහිටුවා ඇත. එහෙත් ඉහලට යන්නට මිල ගණන් අදිකය ඒ ප්‍ර වාහන අපහසුකම්
වැනි දෑ සසදද්දිය.
මෙය වන්දනා කරද්දී කොඩියක් , නුල් පන්දුවක් හාසැහැල්ලු ද්රළව්ය පමනක් ගෙන යයි. සමනල කන්ද තරනය කරද්දී උස්
පහාත් බේදයක් නොමතිව සමගිය හා සහයොගතාවය ද පිලිඹිබු කරනු ලැබේ.
“ වර්තමානයේ පරපුරට එවැනි අගනා පූජා භූමියක් භර දීමට නොහැබ යාමට නොදී සමනල කන්ද රැක ගැනීම අප සැමගේ යුතුකමකි”
සැකසුම-:උදය ශන්ත සපුමල්වල
E-mail-:sapumal55@gmail.com
p-no-:047-4905200,077-9290923
Post a Comment