Monday, 1 October 2007

වියැකුණු නෙත් කදුලු

කුරුල්ලන්ගේ කිචි බිචි නාදය මැදින් කන්ද මුදුන් රන්වන් රැස් දහරා විහිදුවමින් හිරු කුමරාද නැගි ආවේය. රෑ උයා තිබු අලකොළ මාඵවත් සමග බත් කටක් කා නෙත්මිකා දෙමාපියන්ගේ ආශිර්වාදය මැදින් සුදුවැලි පාර දිගේ පාසල වෙත පියමැන්නේ ඇයගේ අනාගත සිහිනය සැබෑ කරගන්නට සිහින මවමින්ය.ඇය නොදැණුවත්වම පාසල ළගටම ගොසින් තිබිණි.
Good Morning නෙත්මි
Good Morning කුමුදු අද ඔයා වේළාසනින් ඇවිල්ලා.මට නමි ටිකක් පරක්කු වුණා කුමුදු අමිමා අසනිප වේළා හින්දා ගෙදර වැඩ ටිකත් කරලා ආවේ.නෙත්මිගේ මව වු සිරියලතා පිළිකාවක් සෑදිනිතර අසනිප වෙයි. ඇගේ පියා ඡිනදාස ගොවිතැන් කර ගන්නා මුදලින් පවුල නඩත්තු විය.ඇය පාසලේ එකොළහ පංතියේ ඉගෙණුම ලබන බැවින් පවුලේ ඇති ආර්ථික අපහසුතා මැද ඇයගේ අධ්‍යපන කටයුතු කරගෙන යැම ඉතා දුෂ්කර විය.එහෙත් අපහසුතා මැදින් වුවද තම උස්සහය අත් නොහැරේය.එම කැපවිම නිසාම ඇය මෙම වසරේ හොදම සහ දක්ෂම ශිෂ්‍යාව බවට පත් විය.එබැවින් ගුරුවරුන් ඇයට ආශිර්වාද කර සුභ පැතුහ.පංතිවල හොදම ශිෂ්‍යයන් හට තාග්‍ය පුදානය සදහා උස්සවයක් සංවිධානය කර තිබිණි.නෙත්මිකාට එදිනට ඇදගෙන යාමට හොද ගවුමක්වත් නොතිබිණි.ඇය හැමදාම ඇන්දේ එකම ගවුමය.ඒ නිසාම පංතියේ සමහරක් ළමුන් ඇයට එක ගවුමේ ළමාතැනි කියා උසුළු විසුළු කලේය.

" බලා‍පොරොත්තුවන්න"

Eranda sampath

14 comments:

ධනුෂ්ක සපුමල් said...

ඉරත් මුදුනට ඇවිත්"
බිරිඳ පැමිණ කියයි සෙමෙන්
සයනය ළඟට

"ඉතින් මොකදැ" යි පෙරළා අසන්නට සිතුණ ද
නො ඇසීමි නොසෙල්වී ම සිටියෙමි
හිරු දනී මා ඔහු සමඟ විරසක බව
මෑතක සිට

ගොසින් අසන්න එළියේ සිනාසෙන මල්වලින්
දින කීයක් දී ඇත් දැ යි ඉර ඔය සිනහවට
මිදුලේ කුරුලු කන් කරච්චලයෙන් අසන්න
ආයුෂ කොපමණ ද ඔය තුති ගීවලට

දනිත් ද හිරු රැසට සිනාසෙන තුරු පෙළ
තර කරන බව හිරු ඔවුන් දං ගෙඩියට
මහ රවුමක් ගොසින් බලා
සැඳෑවේ පෙරළා යන විට
ඉර කපා හරියි දිග ලැයිස්තුවෙන් එක එක
තුරු ද මල් ද සතුන් ද මිනිසුන් ද

ඉර ඇවිත් ගියාවේ ඔය කුරිරු සතුට විඳ විඳ
නවත්වන්නට බැහැ එය මට
රු දනී මා විරසක බව ඔහු සමඟ
මෑතක සිට

ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

‍හීය හා ගීය

ඉර හා විශ්‍රාමික
"ඉරත් මුදුනට ඇවිත්"
බිරිඳ පැමිණ කියයි සෙමෙන්
සයනය ළඟට

"ඉතින් මොකදැ" යි පෙරළා අසන්නට සිතුණ ද
නො ඇසීමි නොසෙල්වී ම සිටියෙමි
හිරු දනී මා ඔහු සමඟ විරසක බව
මෑතක සිට

ගොසින් අසන්න එළියේ සිනාසෙන මල්වලින්
දින කීයක් දී ඇත් දැ යි ඉර ඔය සිනහවට
මිදුලේ කුරුලු කන් කරච්චලයෙන් අසන්න
ආයුෂ කොපමණ ද ඔය තුති ගීවලට

දනිත් ද හිරු රැසට සිනාසෙන තුරු පෙළ
තර කරන බව හිරු ඔවුන් දං ගෙඩියට
මහ රවුමක් ගොසින් බලා
සැඳෑවේ පෙරළා යන විට
ඉර කපා හරියි දිග ලැයිස්තුවෙන් එක එක
තුරු ද මල් ද සතුන් ද මිනිසුන් ද

ඉර ඇවිත් ගියාවේ ඔය කුරිරු සතුට විඳ විඳ
නවත්වන්නට බැහැ එය මට
රු දනී මා විරසක බව ඔහු සමඟ
මෑතක සිට

ආරියවංශ රණවීරළ


හීය සහ ගීය
ගුවනතට මා විදි හීය
පතිත වී දැ යි පොළොවේ කොතැනකට
නො දනිමි මම;
පසු පස හඹා යන්නට
නොහැකි තරම් වේගයකින්
නෙත් මානයෙන් ඈතට
පියඹා ගියා එය

මා සුළඟට කොඳුල ගීතය
පතිත වී දැ යි පොළොවේ කොතැනකට
නො දනිමි මම;
කවරකු හට ඇත් ද
එතරම් තියුණු සවියක්
පියඹා ගිය ගීතය
පසු පස හඹා යන්නට?

ඉක්බිති දිගු ම දිගු කලෙකට පසු ව
තවමත් නොබිඳී තිබි හීය
ඕක් තුරු ගොමුවක දී
සොයා ගත් ලෙසට,
නැවතත් සොයා ගතිමි මම;
ඇරැඹුමේ සිට නිමාව තෙක්
මිතුරකු ගේ හදෙහි රැඳී තිබූ
ගීතය

ධනුෂ්ක සපුමල් said...

'මේ වස්සාන කාලයයි...';

"ඈත දා ගිය හේන
දැවුණු අර වැඳිරි රුව
මැරුණු අතු උඩ ඇවිද
විරිත්තන්නෙත් අපට

ඉරී ගිය වැව් තලා
සොහොන් කෙත් බිම් උඩින්
ඇසෙන්නේ ඔය තවත්
කණ කොකා ගේ හඬ ය....."

"පිපාසයි... ස්වාමීනි පිපාසයි
මෙපුර හැර යන්න දැන් කාලය යි"

"දුටුවෙහි ද ආනන්ද.....?
කඩින් කඩ වැහි පොකුරු
මල් පළන්දා රඟන
මරඟනක් සේ ඈත
පෙනෙන්නේ පුරඟන ය.....

දුටුවෙහි ද..... ගෙයි පිලක
දර ඉපල්ලක් වගේ
දරු සිඟිත්තෙක් සිහින්
ගිලී ගිය ඇස් දෙකෙන්
උඩ බලා හූල්ලන....."

"නවතින්න..... ආනන්ද..... නවතින්න"

"තියඹලාවක් දනට ගෙනාවෙත්
මේ දුකින් මිදෙන මඟ අසා ආ
උපාසකයෙක් නේ ද.....?"


ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

සොඳුර
සිඳ බිඳ අඳුර හද ගැබ මුදු සඳ විලස
විඳ විඳ මිහිර කොඳ කැකුළිය ළය පලස
සිප බඳ තුසර බිඳ මතු කර පුන් කළස
පිය බඳ නුවර මැද සැනහෙමු මතු දවස

මනයොන සරින පීඩිත
විරහී දුකින ආතුර
පෙරදින ලියු කව් ගී
යළි දු කියවමි

සරතැස ද පිරිපත ද උහුලන
නිශාකර සිසිලසින චුම්බිත
ශාන්ත ව නිදනා නුඹේ වත
දකිමි නිවුනෙමි

විළි වැදී පෙර
ලියූ කව් ගී
සිහින් ස්වරයෙන්
රා දමනෙමි

ලෝ තතු
දෙලොවෙහි සැප පතා නිම කරනුව සස ර
පුරමින් පෙරුම් විඳගෙන දහසක් අතො ර
ලැබගත් මිනිස් බව දුහුවිලි සේ දුරැ ර
මිනිසා සිටී අද ගුණ දම් කර බැහැ ර

ඇකයේ කිරි උරන දැරියන් උදුරගෙ න
කෙලෙසන අමන පැවතුම් වෙන කිසිම දි න
නැත තිරිසනුන් අතරත් තිබු බවක් දැ න
මේකද මිනිස් කම මනසෙහි රැඳුණු තැ න

කලතා සියුම් දැය නිසි ලෙස පදමක ට
මිනිසා මිනිස් මනසෙහි රඟ පෙරටු කො ට
කොම්පියුටරය නිපයුම මිස දියුණුව ට
වැඳගෙන සිටින්න ද මනසට නිගරු කො ට

ලෝවැඩ සඟරාව සදහම් රුවන් වැ ල
පොත් ඉරුවල ඔතා දරුවන් කැසට් වැ ල
ගෙනැවිත් බයිල හඬ නංවා ගුවන් ත ල
වනසයි උතුම් ගුණ දම් මනු සිරිත් හෙ ළ

හඬමින් දරු දුකට වැළපෙන අතර මව ක්
එකියක් ගිලී පෙති නැසුමට කලල රුව ක්
තිරිසන් සතුන් අතරත් නැති මෙවන් පව ක්
බල මැන මිනිසුනේ වැනසෙන අයුරු ලොව ක්

ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

''වස්සානේ සීපද''

මල් බර වෙලා ලියගොමු තුරු හිස් ගානේ
දිය දම් දිනිති නංවයි මඳහස් මූණේ
අසිරිය මැවී බැලු බැලු අත ඇස් මානේ
මිහිලිය ඔකඳ කොට එළැඹිනි වස් සානේ

හැරෙමින් බිනර කලු වප් මහ වැහි වලට
කුස පුරවන වරම හිමි වි ඇළ දොළට
සිහිලඹ දහර උතුරා බැස යන කලට
ආසිරි ගීත ගැයුණා හේනට වෙලට

ගී තනු ගලද්දී වන විහඟුන් තුඩට
සරුවිණි ගොයම වස්සානේ රොන් මඩට
දහවල තුන් යමේ නැඟි දියබුං හඬට
නිවිහැනහිල්ල අහිමිලු! වැව් මං කඩට

පිරිවර සැදී පීරාගෙන වන නිල්ල
කටු අල බිඳිති බවලත් උදවිය ගොල්ල
සුගිනි වඩන විට ඉල් මහ වැහි වැල්ල
ගෙයි මුල්ලෙන් වඩී වැලි කොස් ඇට මල්ල

මල් බර හැම වැලකි මල් බර හැම ගහකි!
බිඟු කැල හෙමින් කොඳුරන ආදර බහකි!
කලකින් පැමිණියෙන් පිටුදකිනට නොහැකි
දියදම සමඟ වස්සානය පෙළ වහකි


ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

''මවු බිම සිටින සොඳුරියට''

උපන් බිමෙන් පිට වී දුරු කතර සිට
සිතින් ගතින් දැවෙමින් කවි ලියන විට
ඔබෙන් ලැබුණු සෙනෙහස සිත රැඳෙන කොට
සැණින් ඉගිල එන්නට සිතෙයි ගම රට

මනරම් තුරුලතා නැහැ නෙත යා වෙන්නේ
දසතින් හමන දූවිලි සුළඟයි එන්නේ
ගිනියම් මහ පොළව ගිනි කබලක් වැන්නේ
පියබඳ මෙනුඹ ගැන සිත තනියට ඉන්නේ

නිල්වන් කෙත් යාය ඇළ දොළ වන ලන්ද
පල බර තුරු ලතා ගම කෙළවර කන්ද
සුපිපුණු කුසුම් ගොමු සමනල විහ ඟුන්ද
අද මට සිහිනයකි පෙරදා සිත බැන්ද

පන්සල වෙහෙර ගංඨා හඬ සිල් සුවඳ
සන්සුන් හැඟුම් ඇති කරවන බුදු රුවද
පෙම්බර දරු දෙදෙන ගේ සුරතල් බවද
දැන් මට අහිමි වී ඇත කලකට වුවද

සිතන පතන දෑ කොලවල ලියැ වෙන්නේ
සිඳෙන බිඳෙන රළ මෙනි හද වැළ පෙන්නේ
ගිමන නිවන ලෙස ඔබෙ ලිපියක් එන්නේ
දැවෙන තැවෙන සිත එවිටයි සැන සෙන්නේ


ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

ඉල් මහයි!
සොඳුරියයි!

කඳුර ඇසුරේ සැහැලි කොඳුරන අප දෙදෙන අතරින් සෙමෙන්
සිසිර දෙවඟන පායි පවනැලි තරිඳු පිනි උර - උර සෙමෙන්
නයන පියවන සිහිතලේ
ගුමන සිතැඟි ම ඇදහැලේ!

මියුරු වත්සල කමට ළෙන්ගතු හිමත් ලිය වත්සුනු පපා
සොයුරු එරමුදු මෙන් ම ඔද මුසු කරන රඟ පිරිවර ජපා
උරනු වස් මුවරද බිඳු
සැදෙනු මැන නිලැසිය මදු!

රජත වන් සිරිපොදේ සිපුමෙන් පතිත වන රසු සල සලා
පහත දෙණි පෙත උරයි සිසිලස පපා පිපි මෙරලිය ගුලා
සුපෙම් වරුණයි අප සතු
එයින් වනුයේ මිණි මුතු!

සිසිල සමසම මිහිරි පටුනකි අපට යන කෙළවර කරා
සසල දෙනයන කියනු එය ම ද දුරට යොමුකර තෙත දරා
වෙළෙයි මීදුම යළි යළිත්
පිපෙයි මල් කෙමි තව තවත්


ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

''චිරං ජයතු අනඳ මවුනි''


කුඩා දිය උල්පතක් විලසින් - මතුව ආ ජාතියේ පිනකට
මහා ගංගාවක් ය අද ඔබ දිවියෙ සරතැස නිවා ලන්නට
යතුර සේ ජාතියේ දොර හැරි අඳුරු ලෝකය එළිය කැරුමට
වසර එකසිය දහ අටක් සපිරුණා පින්බර අනඳ මෑණිට

දිනා පරගැති අබියෝග බිඳ - සැසි දම් කඳ කිත් යසස් කළ
ගුණානඳ නා සමිඳු පෑ කාහල නදින් පිබිදිණි මිනිස් කැල
සනාතන බුදු වදන් මහිමය නිසා මුළු ලොව සිත් පහන් කළ
මනා සේ හැඩ ගැසිණි බොදු දරු පිරිස මේ ලක් දිවෙහි සුපතළ

ගඟෙන් දිය බී මහා මුහුදට ආ වැඩූ අපෙ ඇතැම් උදවිය
දොඩා සිංග්ලිෂ් වඩා සංකර සිරිත් රකිමින් පුරා සව්දිය
සිතා මිසදිටු දහම් සරිලෙස - නිමල ලොව්තුරු දහම හැරගිය
ඔබේ ඇසුරින් නියම හෙළ විරු කැලක් වූවා නඟා වීරිය

අගේ බෝමයි විදු මවුනි - ඔබ තැනූ එඩිතර දිරිය සිසු කැල
රඟේ පෙන්වති කොතැන සිටියත් වඩා ඔබ ගේ අගය සුපතළ
කගේ සුරතට රැගෙන හැමවිට සතුරු බලමුළු හෙළා මිහිතල
දඟේ තිබුණත් ඔවුන් දස්සයි පෙරට යන්නට නඟා එඩිබල

අනඳ මෙත් නා සමිඳු පෑ කිත් යසස් රැස් කඳ තවම පවතී
දනන් තුඩ තුඩ රැඳුණු කොටගම යතිඳු නාමය දැයට හිතැතී
කුලරත්න, ජයතිලක මෙත්තානන්ද ඈ බොදු නියමු තෙදැතී
සියල්ලන් ලද මෑණියනි ඔබ කුලඟනක් ම ය මහා පිනැතී

හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිසඳුන් ඇරැඹූ මෙ ජය භූමිය
වියැළි කතරට කෙම්බිමක් ම ය දැවෙන සිතිවිලිවලට සහනය
හෙළ මහා බොදු තක්සලාවයි සැමට ඇත්තේ ඔබේ සෙවණය
ඔබයි පෙම්බර මවුනි අද මුළු ජාතියට ඇති එක ම සරණය

ගගන තල මැද දිලෙන පුන්සඳ ලෙසින් සිසිලස බෙදන මනහර
නැණැස පහදන සරසවිය සේ ලබා දින දින වඩා විසිතුර
මහරු තෙරුවන් බෙලෙන් හා සව්මුරුන් සරණින් ලබා සිරිසර
දුරැර පිරිපත සහස් වසරක් සුවෙන් වොරැඳෙනු මවුනි ගරුතර

ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

''සදාදර පියාණෙනී''

ඔබෙ ගුණ සුවඳ පැතිරෙයි සිතුවිලි අතර
සෙනෙහස ගලයි තවමත් අපෙ මහ ගෙදර
මතකය අවදිවෙයි සසල ව දිවි කතර
පියතුම ඔබ නැති ව වෙයි සූවිසි වසර

කරගැට සිහිකළා දෑතින් දරපු වෙර
දහදිය කඳුළු මතකයි ගත ඉසිලූ බර
දිවි මඟ එකලු කළ නිති අදිටනින් කිර
හමුවේවා! පියාණෙන් ඔබ මතු සසර

ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

''දෙව්දුව''
මිතුරියක, බිරියක
දයාබර මවු තුමියක
ලෙසින් යුග දිවියේ
මිහිර හැම විට ලබා දුන්

දයා දෙව්දුව
ලො කිස නිමවා
දැනුදු හද තුළ
දිවි ගෙවයි


ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

''මවුනි දයාබර''
මිහිකත විලස ඉසිලූ දුක්ගිනි කන්ද
බෝ සෙවණක් බඳුව නිති සිසිලස බැන්ද
සඟවා කඳුළ තැවරූ තුටු මකරන්ද
අම්මෙනි ඔබේ වියොවග නැත නෙත නින්ද

සිව් සැට ශිල්ප දුන් ඔබ තක්සලා වකී
ගුණ දම් වපුළ සදහම් පොත් ගුලා වකී
ඔබගේ සෙනෙහෙ අද කඳුළැලි තලා වකී
ඔබ නැති අපේ ලොව සඳු නැති අමා වකී


ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

පුතුට.....
බිළිඳු හඬින් කඳුළු මැදින් - සිනා මලක් පිබිදෙන්නේ
කුළුඳුලේ ම පුංචි පුතෙක් - අපේ ලොවට එක්වන්නේ

මට තුරුළු ව මගේ පුතා - මගෙ උණුසුම සොයමින්නේ
සිහිනෙන් හස නඟනු පෙනේ - ම දිවි වෙහෙස වියැකෙන්නේ

හිරුට හොරෙන් සඳුට හොරෙන් - කාලය දියවී යන්නේ
ලොවට හොරෙන් මටත් හොරෙන් - දස්කම් පා හිනැහෙන්නේ

සැමට හොරෙන් අපට හොරෙන් - මගේ පුතා ලොකුවෙන්නේ
පුතුට හොරෙන් සැමට හොරෙන් - ඔහු හෙට තරුණකු වන්නේ


ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

ධනුෂ්ක සපුමල් said...

අත්විඳීම
තුරු රැසින් ලතා මඬුල්ලෙන් මේ බිම අවුරන
සීත මාරුතයෙන් නිරතුරු ව අප සනහන
නීල වර්ණ දොළ දිය අවුරා නැඟෙන
සුවදායක නො වෙ ද මේ වන වදුල

ඉවුරු දෑලේ සැදි මනා තුරු පෙළ
මල් පත් පිරි නේක අත් ඔසවා
දොළ දියට සලන සුවඳ මල්
පාවී පාවී පහළට ඇදෙන සැටි

බලන්න අර ගල්පරයක හැපෙන කුඩා දිය රැල්ල
පුංචි පුංචි දිය බුබුළු ඉහළ විද සිනාසෙන
දෙළ වතුර යළි ඇවිත් එගල්පර සිප වැලඳ
අත් විඳිමු ඒ දහම සුන්දර සොබා අසිරිය!

තෙද බලැති උදා හිරු රැස් රන්කෙඳි සේ ම
වල් දෙල් තුරෙක පත් අතරින් පෙරි පෙරී එන
දොළ මුව සිඹගෙන ම සිඹගෙන ම හිඳින සැටි!
චමත්කාරයි වන වදුල හිඳිමු මෙහි තවත් වේලා
සුන්දරයි නො වෙ ද මේ ජීවිතය

ධනුෂ්ක සපුමල්
dhanuskasapumal@gmail.com

Unknown said...

ආ මඟ කෙට්යි....
යා යුතු මඟ දුරයි.....

කොතරම් ගල් බොරළු තිබුනත් ලොව ඉදිරිපිට
ගල් නොගැසිය යුතුය විදූරු ගෙයක සිට.....