Friday, 28 September 2007

පාළු රැයක නිසසල සඳ

සැඳෑ හිරු බැසයත්ම ඈත් නුදුර වූ කදු නෙත් අතරින් නැගී එන සඳ මඩල වැව් තෙර නදියේ චමත්කාරයද එක්ව ගෙන දෙනුයේ මහත්වූ ලයාන්විත ආස්වාදයකි. සැදෑ හිරු අවරට යත්ම සියතුන් ඔවුනොවුන්ගේ කැදලි කරා පියබා ගොසිනි.අවටින් නැගෙනුයේ මැඩියන්ගේ මැඩි සංගීත නාදයයි. ඒ අතරට ඈතින් මුසුවන හඩ නම් නිසසල හඳ එළියේ පියනගන කෑරලුන්ගේ හඩය.වැවු දිය හා ගැටෙමින් ඈතින් හමා එන මදනළ ගතට මෙන්ම සිතටද ගෙන දෙනුයේ පාරිශුද්ධ මෙන්ම පිවිතුරු චේතනාවන්ය.

වැවු දිය හා කෙලිලොල් වන පුන් සදෙහි ඡායාව චංචල දිය මත දිලෙමින් ගෙන දෙනුයේ අපූරු සුන්දරත්වයකි.ඒ දිය කද දෙපලු කරමින් සෙමෙන් සෙමෙන් ඇදෙන ඒ ඔරුවේ දිස්වනුයේ ආදරයේ පූජනීයත්වය කැටිව මල් නෙලමිය් යන සොදුරුතම යුවලකි.කරගැට නැගුණු දෑතින් හබල් ගසා ජීවිතය නැමැති සයුරේ ඉදිරියට ඇදෙන ඔහු හා ඇත්තේ සියුමැලි දෑතින් එක්කරගත් පිරිපුන් සුදු නෙළුම් මල් කලඹක් අතැති ශ්‍රියා කාන්තාවයි.

තරමක් උස්වූ, පිරිපුන් සුදෝ සුදු සද එලියේ නැහැවී ගත් නුදුරු වෙහෙර බලා මොවුන් පිය නගනුයේ මේ මල් මුණිදුට පුදා සදාතනික ආදරයෙන් අප එක්වේවායි යන අති පවිත්‍ර ප්‍රාර්ථනාව පෙරදැරිවයි. අවටින් දිස්වන පෞරාණික නෙත්කලු කැටයමින් යුත් ටැම් සමූහයාද ඒ දෙස නෙත් අයා සිටිනුයේ ආශිර්වාදාත්මක දෙනෙතින්.

එවන් සොදුරු අතීතයක මතක සටහන් අතරේ අද මා ‍මේ වැවු තෙරේ වූ මාකදයින්ගේ දර්ශණ හා බකමූණු හ්ඹ්ම්...හ්ඹ්ම්... හඩ අතර විරසකිනි. පසෙකින් අදුරු අහසේ කළු වලාකුලු අතරින් බැසයන සඳය. බොරවු වැවු දිය මත ඇත්තේද මී හරක් හා වල් හරකුන්ගේ කුරු සටහන්ය.

මෙවන් පාලු නිසල රැයක අද මා......



Sampath M.T.E.A,
www.nenasala.org
info@nenasala.org

3 comments:

Eranda Sampath said...

පාලු රැයක නිසසල සඳ ඉතා මනහර නිර්මාණාත්මක කලාත්මක ලිපියක් ලෙස සැලකිය හැහ.

සමන්ත ලක්ෂ්මන් ගුණරත්න

Anonymous said...

ජිවිතෙය් අපුරුතම සන්ධිස්ථානය වන ෙයෟවනත්වය ගැන තම අත්දැකිම් චිත්‍රයකට නංවමින් නිර්මාණාත්ම ෙලස ගලපා ලියු කාලාත්ම ලිපියක් බව ෙමය කියවන අපට දැෙන්. පවිත්‍ර වු අහිංසක අාදරය ෙවනුෙවන් ස්වභාව දර්මයා ලබා ෙදන්නා වු අාශිර්වාද උපමා ර‍ෑපක මවමින් නිරැපනය කර අැති අන්දම අපුරැය.
ඉතාමත් කලාත්මක ලිපියකි.සුභ පැතමි ඹබට.

නාලිකා ප්‍රියදර්ශනි

Unknown said...

පවු නේ....
කොල්ලට ගොඩාඩාඩාක්ක්ක්ක් දුක හිතෙන සීන් එකක් නේද වෙලා තියෙන්නේ.....

colombo girlssss